fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව තුළ සමාජ මාධ්‍ය අවහිර කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2022 16:30

රුසියාව තුළ සමාජ මාධ්‍ය අවහිර කරයි

යුක්රේන ආක්‍රමණයට එරෙහිව රුසියාව තුළම විරෝධතා එල්ල වීම ආරම්භ වී තිබෙනවා.

ෆේස්බුක්, යූ ටියුබ්, ට්විටර් යන සමාජ මාධ්‍ය  පරිශීලනය එරට රජය අවහිර කර තිබෙනවා. හමුදා කටයුතු සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කරන්නන්ට වසර 15ක සිරදඩුවම් ලබා දිය හැකි කෙටුම්පතකටද අත්සන් කිරීමට පුටින් ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

එල්ල වන විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් රුසියා ජනාධිපතිවරයා නිවේදනය කර ඇත්තේ යුද්ධයෙන් මිය යන සෙබලෙකු වෙනුවෙන් රූබල් මිලියන 12 කුත් ආබාධ තත්ත්වයට පත්වන සෙබලෙකු වෙනුවෙන් රූබල් මිලියන 2.8 කුත් ලෙස සුබ සාධන දීමනාවක් ලබාදෙන බවයි.

රුසියානු ජනාධිපතිවරයාට සහාය පල කරමින් 10000 ක පමණ සහභාගීත්වයෙන් සර්බියා ජනතාව රැළියක් පවත්වා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2022 16:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්