බහින් බස්වීමක් දුර දිග යාමෙන් ඇති වූ ගැටුමකින් කාන්තාවක් ජිවිතක්ෂයට
Related Articles
පිටිගල මත්තක ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් ඇති වූ ගැටුමකින් කාන්තාවක මිය ගොස් ඇයගේ පුතුන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.
මිය ගිය කාන්තාවට සහ ඇයගේ පුතුන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි පොලීසිය පවසන්නේ. 46 හැවිරිදි කාන්තාවකයි මෙලෙස මිය ගියේ. සැකකරුවන් සහ තුවාලකරුවන් කුරුදු තැලීමේ කටයුතුවල නිරතව සිටින අයයි. කුරුදුතැලීමෙන් පසු මත්පැන් සාදයක් පවත්වා සූදු සෙල්ලම් කරමින් සිටියදී වංචාවක් සිදු කළ බවට ඇති වූ ආරව්ලකුයි දුරදිග ගොස් ඇත්තේ.
එය සමතයකට පත් කිරීම සදහා පැමිණි අවස්ථාවේ කාන්තාවට ප්‍රහාරය එල්ල වී තිබෙනවා. සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පිටිගල පොලීසිය පවසනවා.