රුසියාව සහ යුක්රේනය අතර දෙවන වටයේ සාම සාකච්ඡා අද
Related Articles
රුසියාව සහ යුක්රේනය අතර දෙවන වටයේ සාම සාකච්ඡා අද බෙලරුස් – පෝලන්ත දේශසීමාවේ පිහිටි බෙලවුෂ්කයා පුෂ්වා හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.
රුසියානු පාර්ශවයේ නියෝජිතයන් මේ වන විට බෙලරුස් වෙත පැමිණ ඇති අතර යුක්රේන නියෝජිතයන් පැමිණීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. දෙපාර්ශවයේ එකගත්වයෙන් එම ස්ථානය සාකච්ඡා සඳහා තෝරා ගෙන ඇති අතර යුක්රේන නියෝජිතයන්ට ආරක්ෂිතව එම ස්ථානයට පැමිණීම සඳහා ආරක්ෂිත කොරිඩෝවක් නිර්මාණය කර දීමට රුසියානු හමුදා පියවර ගෙන ඇති බව ද වාර්තා වනවා. සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද අද පැවැත්වෙන හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් දෙරට අතර තවදුරටත් දරුණු සටන් ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියානු හමුදා යුක්රේනයේ ඉර්පින් නගරය වෙත ද ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාරවලින් දේපළ විනාශ වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.