රුසියාව යුක්රේනය ආක්රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අති මහත් බහුතරයකින් යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.
එම යෝජනාවට පක්ෂව රටවල් 141ක් ඡන්දය ප්රකාශ කර ඇති අතර විරුද්ධව ඡන්දය ප්රකාශ කර ඇත්තේ රටවල් 5ක් පමණක් බවයි වාර්තා වන්නේ. බෙලරුසය, එරිත්රියාව, උතුරු කොරියාව, සිරියාව සහ රුසියාව එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්රකාශ කර තිබෙනවා.