fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේන ආක්‍රමණයෙන් සිදුවූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2022 08:58

යුක්රේන ආක්‍රමණයෙන් සිදුවූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි

යුක්රේන ආක්‍රමණයෙන් සිදුවූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කර තිබෙනවා.

යුක්රේනයේ මෙහෙයුම් අතර තම හමුදා සාමාජිකයින් 498 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. හමුදා මෙහෙයුම ආරම්භයේ සිට තවත් 1597 දෙනෙකු තුවාල ලබා ඇති බවද ඔවුන් තහවුරු කරනවා. පසුගිය බ්‍රහස්පතින්දා යුක්රේනයේ ආක්‍රමණය ආරම්භයෙන් පසු රුසියාව තමන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි සැළකෙන්නේ.

මේ අතර අද උදෑසන යුක්රේනය සහ රුසියාව අතර දෙවට වටයේ සාකච්ඡා ආරම්භ කිරීම සදහා යුක්රේන බලධාරීන් බෙලරූස් වෙත පැමිණෙනු ඇතැයි රුසියාව අපේක්ෂා කරන බවයි රුසියානු පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2022 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්