එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්යා සාධක බලකායේ කාලය මාස තුනික් දීර්ඝ කර තිබෙනවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සභාපතිත්වය දරණ එක රටක් එක නීතියක් පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ මෙම කාර්ය සාධක බලකාය තෙමසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඊයේ නිකුත්කර තිබුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මතයි. පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වනදා පිහිටවූ මෙම කාර්ය සාධක බලකායට ලබාදී තිබූ කාලය ඊයෙන් අවසන්වීමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත් කාර්ය සාධක බලකායට පවරාතිබූ වගකීම් තවමත් අවසන්වී නොමැති නිසා තවත් මාස තුනක කාලයක් ඊට ලබාදීමට තීරණය කර තිබෙනවා.