බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සදහා එක්වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.
දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියෙන් ඉවත්වීමට ශකිබ් අල් හසන් මීට පෙර තීරණය කර තිබුණා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් මාස 6ක කාලයක් විවේක ගැනීමට අවශ්‍ය බව ශකිබ් දන්වා තිබූ බව ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතන සදහන් කරනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලි සදහා සහභාගී විය නොහැකි බවයි ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ශකිබ් අල් හසන් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට ශකිබ් අල් හසන්ට මේ වන විට කිසිදු බාධාවක් නොමැති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.