මෙරට රැඳී සිටින රුසියා සහ යුක්රේන සංචාරකයින්ගේ වීසා කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව කිසිඳු අයකිරීමකින් තොරව මාස දෙකක කාලයක් වීසා කාලය දීර්ඝ කෙරෙනු ඇති. රුසියානු සංචාරකයින් 11,463 දෙනෙකු සහ යුක්රේන සංචාරකයින් 3993 දෙනෙකු මේ වන විට මෙරට රැඳී සිටිනවා. රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී ඇති යුධමය වාතාවරණය හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව එම සංචාරකයන් ගැටලුවලට මුහුණ දී සිටියා. එම තත්ත්වය සැලකිල්ලට ගෙනයි ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන්නේ.