ගුවන් හමුදාව ලංකා පොහොර සමාගමට මෙට්‍රික් ටොන් 15 ක කාබනික පොහොර තොගයක් දෙවන වරටත් භාරදී තිබෙනවා.
ගුවන් හමුදාවේ වන්නි ගුවන්හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් රජයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින් සීමාසහිත ලංකා පොහොර සමාගමට මෙට්‍රික් ටොන් 15 කාබනික පොහොර තොගයක් දෙවන වරටත් භාරදීමට ගුවන්හමුදාව පියවර ගන්නා ලදි.
වන්නි ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ කාබනික පොහොර ව්‍යාපෘතියේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරු අණදෙන නිලධාරී, ගෲප් කපිතාන් රජිව් කොඩිප්පිලි මහතාගේ අධීක්ෂණය යටතේයි මෙම පොහොර නිශ්පාදනය කරනු ලැබුවේ.
වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් නිශාන්ත ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් විසින් එම කාබනික පොහොර තොගය ගොවි ප්‍රජාව අතර බෙදා හැරීම සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ වවුනියාව දිස්ත්‍රික්කයේ අලෙවි විධායක ඩබ්ලිව්.ඩබ්.සී.යූ.කේ විජේකෝන් මහතා වෙතට පසුගියදා භාර දෙනු ලැබුවා.
මෙම අවස්ථාවට අණදෙන කෘෂි නිලධාරී ගෲප් කපිතාන් ආර්.පී.කොඩිප්පිලි, කළමනාකරණ ව්‍යාපෘතියේ කළමනාකරු ගෲප් කැප්ටන් පී.ඊ.ගුණවර්ධන, ගුවන් හමුදා පාසල් රෙජිමේන්තු පුහුණු නිළධාරීන් සහ සෙසු නිලධාරීන් පිරිසක් ඒක්ව සිටියා.