ශ්‍රී ලංකාවේ තේ සහ කදුකර ප්‍රජාවගේ ජන ජිවිතය සම්බන්ධයෙන් කලාව භාවිතා කරමින් සමාජ ගත කරන ලද ඡායාරුප ප්‍රදර්ශනයක් හැටන් කොටගල කෙම්බ්‍රිජ් ජාතික පාසලේදි පැවැත්වුනා.
විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන් 40 දෙනෙකු තොරා එම තරුණ තරුණියන්ට ඡායාරුපකරණ පිලිබදව වසර 03 ක පාඨමාලාවක් නොමිලේ පවත්වා ඉන් අනතුරුව ඔහුන් එම පාඨාමාලාවෙන් ලබාගත් අත්දැකිම් අලලා මෙම ඡායාරුප ප්‍රදර්ශනය පවත්වා තිබෙනවා.
තේ දල්ලේ සිට තේ නිෂ්පාදනය සහ තේ කර්මාන්තයේ නියැලි සිටින කදුකර ජනතාවගේ ජන ජිවිතය සම්බන්ධයෙන් වු ඡායාරුප 100 ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කල බවයි විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රයේ පර්යේෂක ලහිරු කිතලගම මහතා කියා සිටියා.
මෙම ඡායාරුප ප්‍රදර්ශනයට මෙරට ජර්මන් තානාපති හොල්ගර් සෙව්බර්ට් (HolgerSeubert) , ඉතාලි තානාපති රිටා ගිලිනා මැනෙල්ලා ( Rita GiulinaMannella) , මාලදිවයින තානාපති එරික් ලවටු (Eric Lavertu) ,නෙදර්ලන්ත තනාපති ටන්ජා ගොන්ග්රිරිජ් (TanjaGonggrijp) යන මහත්ම මහත්මියන් සහභාගී වුනා.