නෝටන්බ්‍රිජ් විදුලිපුර ප්‍රදේශයේ පෞද්ගලික තේ ඉඩමක අභිරහස් ලෙස මියගොස් සිටි කදුකර කොටියා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසනවා.
ඉකුත් දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් විදුලිපුර ප්‍රදේශයේ තේ වත්තේ තිබි මිය ගිය කොටියාගේ සිරුර නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරි විසින් සොයාගෙන ඇති අතර , මිය කදුකර කොටියාගේ සිරුරේ ස්ථාන කිහිපයකම උල් ආයුධයකින් ඇණ තුවාල සිදු කර ඇති බවටත්, මිය ගිය කඳුකර කොටියාගේ සමෙහි කොටස් කිහිපයක් කපාගෙන කොටියාගේ දත් කිහිපයක්ද ගලවාගෙන ගොස් ඇති බවට නිරික්ෂණය වු බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
මිය ගිය කොටියාගේ සිරුර හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය පශු වෛද්‍ය පිඨය වෙත යොමු කල බවත්, මිය ගිය කදුකර කොටියා හොදින් වැඩුණු අවු 4 පමණ වයසැති පිරිම් සතෙකු බවත්, කොටියා ඝාතනය කල පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට විමර්ෂණයක් සිදු කරන බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවා.