රුසියාවේ වෙබ් අඩවි කීපයකට හා රූපවාහිනී නාලිකාවලට සයිබර් ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
රුසියාවේ රාජ්ය වෙබ් අඩවි හයක් හා රූපවාහිනී නාලිකා මෙම සයිබර් ප්රහාරයට ලක්ව ඇති බව යුක්රේන රජයේ ආරංචි මාර්ග සදහන් කරනවා. රුසියා රූපවාහිනී නාලිකා සියල්ලෙහිම එම අවස්ථාවේදී විකාශය වී ඇත්තේ යුක්රේන ගීතයක්. මේ අතර යුක්රේනයට ඇමෙරිකාව ලබාදීමට නියමිත ඩොලර් මිලියන 350 ක යුධ ආධාර තොගයට අමතරව තවත් රටවල් රැසක් ආධාර ලබාදීමට පොරොන්දු වී තිබෙනවා. යුද ටැංකි නාශක බෝම්බ දහසක්, මිසයිල 500 ක්, යුධ ටැංකි නාශක අවි හා රොකට් 400 ක් ගුවන් ප්රහාර වැළැක්වීමේ පද්ධති ඇතුළු යුධ ආධාර රැසක් මීට අයත්.