ඇල්ල නගරය මේ වනවිට විදෙස් සංචාරකයින්ගෙන් පිරීගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
කොරෝනා උවදුර හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් පසුගිය කාලය තුළදී එල්ලවුණා. ඇල්ල ඇතුළු ප්‍රදේශ රැසක සුලු / මධ්‍ය සහ මහාපරිමාණ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවකට ලක්ව සිටියා. කෙසේ වෙතත් සංචාරකයින්ගේ පැමිණීම යළි ඉහළ යාමත් සමග ව්‍යාපාර ද නැවත හිස ඔසවමින් තිබෙනවා. දුම්රිය භාවිතයෙන් ඇල්ලට පැමිණීමට බොහෝ සංචාරකයින් කැමැත්තක් දක්වන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. සංචාරකයින් වෙනුවෙන් විශේෂ වැඩසටහන් කීපයක් හා පිළිගැනීමේ උත්සව සංවිධාන කිරීමට ඇල්ල නගරයේ හෝටල් කීපයක් කටයුතු කර තිබුණා. ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය සාර්ථකව මැඩපැවැත්වීම නිසා ඇතිවී තිබෙන ආරක්ෂිත තත්ත්වය නිසා සංචාරය කිරීමට ඉතා සුදුසු ස්ථානයක් බවට රට පත්ව ඇති බවයි විදෙස් සංචාරකයින් කියාසිටියේ.