කහවත්ත ඕපාත වතුයායේ අත්හැර දමා තිබූ රබර් වත්තක සති කිහිපයක් තිස්සේ එල්ලෙමින් තිබූ නාදුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මෙම මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් ඇති වීම නිසා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. රත්නපුර අපරාධ ස්ථානීය පරික්ෂණ නිලධාරීන් පැමිණ මුලික පරික්ෂණ සිදුකළා. පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්රාත්වරයා ද මහේස්ත්රාත් පරික්ෂණය සිදුකර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය ද පරික්ෂණ පවත්වනවා.