දැනට ඇති තොරතුරු අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරසය සීඝ්‍ර වශයෙන් පැතිර නොයන බව යැයි සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා.
වයස අවුරුදු 5ත් 12ත් අතර දරුවන්ට කොරෝනා එන්නත් ලබා දීමේ හැකියාව පිළිබද මේ වන විට සොයා බලමින් පවතිනවා.
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 1286 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අනුව සමස්ථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 643072ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 18704ක්. ඊයේ දිනය තුළදී කොරෝනා ආසාදිතයන් 314 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලබා ඇති සමස්ථය 608226 දෙනෙක්. ඊයේ දිනයේ කොරෝනා මරණ 26 ක් වාර්තා වුණා. ඒ අනුව සමස්ථ මරණ සංඛ්‍යාව 16142 ක් දක්වා ඉහළ ගියා. මේ අතර දැනට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය සීඝ්රයෙන් පැතිරයාමක් පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය අංශ සදහන් කළා.
වයස අවුරුදු 5ත් 12 ත් අතර දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ හැකියාව තිබේදැයි මේ වන විට සොයා බලමින් සිටින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/UiHpO1UsJnw”]