රයිගම් ටෙලිස් දෙවසරක රස ජාතියේ ටෙලි සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය විශිෂ්ඨතා සම්මාන වෙනුවෙන් නිර්දේශිත නාමයන් 96 ක් සදහා තේරී පත්ව තිබෙනවා. මාධ්‍ය ආයතනයක් ලෙස වැඩිම නිර්දේශිත නාමයන් හිමිව ඇත්තේ ද ස්වාධීන රූපවාහිනියට වීම විශේෂත්වයක්. ඒ 2020 සහ 2021 වසරවලදී ප්‍රචාරය වූ ටෙලිනාට්‍ය, වැඩසටහන් හා නිවේදක කාණ්ඩ වෙනුවෙන්.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගගේ ප්‍රධානත්වයෙන් සම්මාන සදහා නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමේ උළෙල පැවැත්වුණා. කලා ක්ෂේත්රයේ ප්‍රවීණයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදි අදහස් පල කළ ද කිංඩම් ඔෆ් රයිගම් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රවී ලියනගේ.
2020 සහ 2021 යන වසර දෙක සදහා වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ප්රවෘත්ති නිවේදිකාව – සිංහල සම්මානය සදහා ස්වාධින රූපවාහිනියේ මදුනිකා කරපුටුගල නිර්දේශ වී තිබෙනවා. එමෙන්ම දෙමළ මාධ්‍යය වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ප්රවෘත්ති නිවේදිකාව ලෙස වසන්තම් ටීවී හි මුනියාන්ඩි කවිතා නිර්දේශ වුණා. වසරේ විශිෂ්ඨතම රූපවාහිනි සම්ප්‍රෙව්ශක දෙමළ මාධ්‍ය වෙනුවෙන් වසන්තම් ටීවී කුමාරලිංගම් සාම්භවී සහ ක්‍රිස්ටිනා සෙල්වරාජා නිර්දේශ වී තිබෙනවා.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනි වැඩසටහනට හිමි සම්මානය සදහා නිර්දේශ වූයේ ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය වූ හේෂාන් වසන්ත ඥානප්‍රිය නිෂ්පාදනය කළ ෆන් ස්ට්‍රීට් නිව් වැඩසටහනයි. වසරේ විශිෂ්ඨතම රූපවාහිනි සංගීත වැඩසටහන සදහා ස්වාධින රූපවාහිනියේ උදයකුමාර තෙන්නකෝන් නිෂ්පාදනය කළ සියපත් පොකුර සහ වසරේ විශිෂ්ඨතම සගරාමය වැඩසටහන සදහා ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ජනිත හේවාබටගේ නිෂ්පාදනය කළ ගැජට් මේනියා වැඩසටහන නිර්දේශ වී තිබෙනවා.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහනට හිමි සම්මානය සදහා අයි ටී එන් ළමා විද්‍යාගාරය වැඩසටහන සහ වසරේ විශිෂ්ඨතම රූපවාහිනි වාර්තා වැඩසටහන නිෂ්පාදනය වෙනුවෙන් තුෂාරි ගමගේ නිර්දේශ වී තිබෙනවා.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ප්‍රශ්න විචරාත්මක වැඩසටහන සදහා රවිනාත් ජයවික්‍රම නිෂ්පාදනය කළ කෑෂ් ටැක්සි සහ අයිටීඑන් ස්මාර්ට් මයින්ඩ් වෙනුවෙන් ලක්ෂ්මන් මත්තුමගල සහ ඩෙනීෂා විතාරණ නිර්දේශ වුණා.
මේ අතර 2020 සහ 2021 වසරවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ටෙලිනාට්‍ය රැසක් ටෙලිනාට්‍ය විශිෂ්ඨතා සම්මාන සදහා නිර්දේශ වී තිබෙනවා.
සංසාරණ්‍ය අසබඩ, සත්‍යා, තණමල්විල කොල්ලෙක්, ගිරිදේවි, ලංසුපතිනියෝ, පුලිගු, ගරුඩ මුහුර්තය, සකර්ම, නාඩි, මහපොළොව, ලොකු ඉස්කෝලේ මහත්තයා, අසංවර වැස්සක්, පෝර්ක් වීදිය, සැප්තැම්බරයේ දිගු දවසක්, සකුණ පියාපත්, ඇතුලු නාට්‍ය සම්මාන කාණ්ඩ රැසක් වෙනුවෙන් මෙවර රයිගම් සම්මාන සදහා නිර්දේශ වීම විශේෂත්වයක්. මේ අතර ජනප්‍රියතම ටෙලිනාට්‍ය, ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා සහ නිළිය, ප්‍රේක්ෂක මත විමසුම දැන් ආරම්භ වී තිබෙනවා. සම්මාන සදහා නිර්දේශ වූ නිර්මාණකරුවන් වෙත සහතික ප්රදානය කිරීම ද මෙහිදි සිදුවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/v_eRacNodAY”]