ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා ජාතික යොවුන් සේනාංකය එක්ව සහයෝගීතාවයෙන් එළඹී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සුහුරු පංති කාමරයේදී ඊයේ (24) සිදු විය.
ජාතික යොවුන් සේනාංකය විසින් හදුනාගන්නා ලද ඇගළුම් ක්ෂේත්රයේ පුහුණුලාභීන්ට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ඔවුන්ට අවශ්‍ය මූලික පුහුණුව, කෙටි කාලීන පුහුණු වැඩසටහන් තුළින් ලබා දීම සදහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් සභාපති/ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා ඇතුලු අංශ ප්‍රධානීන් ද, ජාතික යොවුන් සේනාංකය වෙනුවෙන් එහි සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.