රුසියානු ආක්‍රමණය හමුවේ අවසන් සෙබලා දක්වා සටන් කරන බවට යුක්රේන ජනාධිපති ප්‍රතිඥා ලබා දී තිබෙනවා. එරට සිටින සියලුම පිරිමි පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ. ඒ අනුව 18 ත් 60 ත් අතර සියලු පිරිමි පුරවැසියන් තවදුරටත් සිය මව්රට තුළම රැදී සිටින ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා. රුසියා ආක්‍රමණ හමුවේ රටතුළ හමුදා නීතිය බලාත්මක කිරීමට යුක්රේන ජනාධිපතිවරයා ඊයේ කටයුතු කළා. යුක්රේනයේ ප්‍රධාන නගර සහ හමුදා කදවුරු වෙත ගුවන් සහ මිසයිල ප්‍රහාර අඛණ්ඩව එල්ල වෙමින් පවතින අතර රුසියානු යුද ටැංකි නගර සහ ගම් පසුකරමින් ඉදිරියට ඇදෙන බව වාර්තා වනවා.
යුරෝපයේ සිය හමුදා බලය ශක්තිමත් කරමින් 7000 කට අධික නව හමුදා කාණ්ඩයමක් යුක්රේනයට යැවීමට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.
මේ අතර පවතින තත්ත්වය හමුවේ ලෝක වෙලෙද පොළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස නැවතත් ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැලරයක් අමෙරිකානු ඩොලර් 105 ට වඩා මිල ඉහළ ගොස් තිබෙනවා. යුක්රේනයට එරෙහිව රුසියාව එල්ල කරන ප්‍රහාර හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට ඇති වන බලපෑම් හේතුවෙන් මෙලෙස මිල ඉහළ යාම සිදුවනවා. එමෙන්ම ලෝක වෙළෙදපොලේ රන් මිලද ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.