චීනය ටියුනීසියාවට පරිත්‍යාග කළ නව කොරොනා එන්නත් තොගයක් ඊයේ(22) ටියුනීසියාවේ අගනුවරට ළඟා විය. එම පරිත්‍යාගය පිළි ගැනීමට ටියුනීසියාවේ චීන තානාපති Zhang Jianguo මහතා සහ ටියුනීසියානු සෞඛ්‍ය අමාත්‍ය මුරාබිත් මහතා ගුවන් තොටුපළට පැමිණියහ.
ටියුනීසියානු රජය වෙනුවෙන්, මුරාබිත් මහතා චීනයේ පරාර්ථකාමී උපකාරයට ස්තූති පළ කළේය. වසංගතයට එරෙහි මානව වර්ගයාගේ අවසාන ජයග්‍රහණය සඳහා නව දායකත්වයක් ලබා දීම සඳහා එන්නත් සහ විශේෂිත ඖෂධ පර්යේෂණ හා සංවර්ධනය සම්බන්ධයෙන් චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ටියුනීසියාව අපේක්ෂා කරන බව මුරාබිට් මහතා පැවසීය.