ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග හෙට ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස තරගාවලයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබෙනවා.
වනිදු හසරංග තවමත් කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මිදී නොමැති නිසා මෙසේ සංචාරය අහිමිවීමේ තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. පසුගිය ඕස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුරදී කොවිඩ් වැළදීම නිසා ඔහුට එම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. ඔහු සම්බන්ධයෙන් කළ නවතම රෝගී පරීක්ෂාවේදී තහවුරු වුණේ ඔහු තවමත් සුව අතට හැරී නොමැති බවයි. වයිරසයට ගොදුවීමෙන් ජෛව බුබුලෙන් ඉවත් කළ වනිදු හසරංග ඕස්ට්‍රේලියාවේදී වෙනමම රදවා තිබූ අතර ඔහු තවමත් රැදී සිටින්නේ හුදකලාව බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහු තවමත් ඕස්ට්‍රේලියාවේ රැදී සිටිනවා.
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායමේ විස්සයි විස්ස පළමු තරගය හෙට ලක්නව් හිදී පැවැත්වෙනවා. මෙම තරගයට ඉන්දීය කණ්ඩායමේ දී ප්‍රබල ක්‍රීඩකයින් කීප දෙනෙකුම ඇතුළත් නොවන බවද වාර්තා වනවා. ඒ ඔවුන් විවිධ ආබාධයන්ට ලක්වීම හේතුවෙන්. ඔවුන් අතර ප්‍රබල පිතිකරුවෙකු වන සූර්ය කුමාර් යාදෙව් ද සිටිනවා. එමෙන්ම ප්‍රබල වේග පන්දු යවන දීපක් චහර් ටද තරගාවලිය අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ.