හරිත කෘෂිකර්මාන්තයක් මෙන්ම වස විසෙන් තොර වගාවන් සිදු කිරීමේ වැඩපිළිවෙල රට පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. කාබනික පොහොර පමණක් යොදාගනිමින් සිදු කළ වගාවලින් මේ වන විට සාර්ථික අස්වැන්නක් ලැබෙමින් පවතිනවා.
කාබනික පොහොර පමණක් යොදාගනිමින් රාජාංගනය යාය 13 ප්‍රදේශයේ තරුණ ගොවි මහතෙකු සාර්ථක ලෙස වී වගාවන් සිදු කර තිබෙනවා. කලක් විදෙස්ගතව සිටි ඔහු යළි පැමිණීමෙන් පසු මෙලෙස වගාවන් සිදු කළ අතර මේ වන විට සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි වූ බවයි ඔහු පවසන්නේ. වී වගාව මෙන්ම දඹල, සේර,කහ සහ ඉගුරු වගාවන් ද ඔහු විසින් සිදු කරනවා.
රත්නපුර කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 15 කින් සමන්විත මීගස්දෙණිය සහ බේන්දළුව වෙල්යාය සම්පූර්ණයෙන්ම කාබනික පොහොර සහ දියර පොහොර පමණක් භාවිත කරමින් වගා කර තිබෙනවා. මේ සදහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් ලැබුණු බවයි ගොවිජනතාව පවසන්නේ. මීට පෙර අස්වනුවල බොල් වී විශාල තොගයක් තිබුණ ද මෙවර එලෙස බොල් වී නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වසර 75 කට වැඩි කාලයක් පුරන්ව පැවති උඩුබද්දාව බිබිලදෙණිය කරව්ව කුඹුරු යාය යළි අස්වැද්දීමට අවශ්‍ය කටයුතු සකස් කර තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවි ජනතාව වී වගාව සදහා දිරිමත් කිරීමේ වැඩසටහන යටතේයි එය සිදු කෙරුණේ. මෙම වෙල්යායේ වගාවන් සාර්ථකව සිදු කර අස්වනු ලබා ගැනීම අරමුණ බවයි ගොවිජනතාව පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/uRPusMfPAn8″]