යුක්රේන රුසියා දේශ සීමාවේ රදවා සිටි රුසියා හමුදා ඛණ්ඩ කිහිපයක් නැවත කැදවූ බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය අද නිවේදනය කළා. යුද අභ්‍යාසයන් නිමවීම හේතුවෙන් ඔවුන් මෙලෙස රටතුළට කැදවූ බවයි රුසියාව තවදුරටත් සදහන් කරන්නේ.
කෙසේ වුවද හමුදා ඛණ්ඩයන් ඉවත්කර ගැනීම පිළිබද තමාට සාක්ෂි අවශ්‍ය බව යුක්රේනය පවසනවා.
දේශ සීමාව අසළ රදවාසිටි සෙබලුන්ගෙන් කොතරම් සංඛ්‍යාවක් ඉන් ඉවත්කරගත්තේ ද යන්න රුසියාව මේ වන තෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ. රුසියාවේ මෙම පියවර ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි පැසසුමට ලක්ව තිබෙනවා.
මේ අතර තම රටෙන් ඉවත් වූ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට හා ව්‍යාපාරිකයින්ට පැය 24 ක් ඇතුළත නැවත යුක්රේනයට පැමිණෙන ලෙස යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා. රුසියාව සමග සහයෝගීතාව ගොඩනගා ගැනීමට එය අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. යුක්රේන රුසියා යුද ගැටුමක් ඇති නොවන බවට ජගත් සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ද තම විශ්වාසය පළකරනවා.