වෙනුර ගුණවර්ධණ සතොස සභාපති ධුරයෙන් ඉවත් කළ බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද ඒ මහතා අද සිය කාර්යාලයට පැමිණියා. තමන් තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදුකර නැති බවයි මාධ්‍ය හමුවේ ඔහු ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් සතොස නියෝජ්‍ය සභාපති තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ඔහුගේ සේවය අත්හිටුවීම පිළිබදව අමාත්‍යාංශය මගින් සභාපතිවරයාව දැනුවත් කර තිබියදීයි ඔහු සේවයට වාර්තා කිරීම සදාචාරාත්මක නොවන බවයි.
මේ අතර වෙළෙද අමාත්‍යාංශයෙන් ද මේ පිළිබද අප විමසීමක් කළා. එම නිලධාරීන් කියා සිටියේ සේවය අත්හිටවූ බවට සභාපතිවරයාට දැනුම් දී ඇති අතර ඊට අදාළ ලිපිය ඔහු වෙත යොමු කිරීමට අද දිනයේදී කටයුතු කරන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/-qqjtVcvVXI”]