fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2022 11:10

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාන්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේදී පීලි පැන තිබෙනවා. මේ නිසා උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදරිය පවසන්නේ.

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාන්ඩ ප්‍රවාහන දුම්රියේ ඉන්ධන ගැලුම් 5800ක් ප්‍රවාහනය කළ ටැංකි සහිත මැදිරි දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් මෙසේ පීලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ. අද උදෑසන 7 ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇති බවත් පීලි පැනීමෙන් දුම්රිය මාර්ගය දැඩි අලාභ හානි සිදුව ඇති බවත්, වටවල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවා.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරනතෙක් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය ආසන්නය දක්වාත් ධාවනය කරන බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2022 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්