fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුනායකට ප්‍රදේශ රැසකට පැය 14ක ජල කප්පාදුවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2022 08:47

කටුනායකට ප්‍රදේශ රැසකට පැය 14ක ජල කප්පාදුවක්

කටුනායක ප්‍රදේශ රැසකට අද පස්වරුවේ සිට පැය 14 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ජා ඇළ මාර්ගයේ ජලනළ පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අද පස්වරු හතරේ සිට හෙට පෙරවරු හය දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව ඒකල, කොටුගොඩ, උදම්මිට, රජ මාවත, (තුඩැල්ල සිට විස්ස සැතපුම් කණුව දක්වා) වහටියාගම, දෑලතුර, කටුනායක, සීදූව, උඩුගම්පොළ කොටසක්, මිනුවන්ගොඩ කොටසක්, කටුනායක ගුවන් හමුදා කදවුර, කටුනායක නිදහස් වෙළෙද කලාපය සහ කටාන දකුණ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2022 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්