උතුරු මුහුදේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා 135 ක් යාපනයේදී රුපියල් ලක්ෂ 50 කට අධික මුදලකට වෙන්දේසි වුණා.
මෙම යාත්‍රා වෙන්දේසි නොකරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ඉන්දීය ධීවර සංගම් කිහිපයක් තමිල්නාඩු මහඇමතිට ලිපියක් භාර දී තිබියදී වෙන්දේසිය පැවැත්වීම විශේෂත්වයක්.
උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වීමේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා 135 ක් වෙන්දේසි කෙරුණේ කරෙයි නගර් ධීවර වරායේදීයී. ඒ නාවික හමුදාවේ මූලිකත්වයෙන්. ඉන් පනස් දෙලක්ෂ විසිදහස් පන්සියයක මුදලක් ඉපැයීමට හැකි වුණා. වැඩිම මිළකට වෙන්දේසි වූයේ අඩි 48 ක් දිග යාත්‍රාවක්. ඒ රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසකටයි.
මේ අතර ශ්‍රී ලංකා මුහුද තීරය ආක්‍රමණය කරමින් මත්ස්‍ය අස්වැන්න නෙලා ගන්නා ඉන්දීය ධීවරයින් උතුරු ධීවරයින්ගේ යාත්‍රා හා දැල් ආම්පන්න රැසකට හානි සිදු කර ඇති බව පවසමින් යාපනයේ ධීවරයින් ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වුවා.
මේ අතර ඉන්දීය ධීවර ආක්‍රමණයට විසදුම් ඉල්ලා ධීවර අමාත්‍යාංශය අභියස උද්ඝෝෂණයක් අද පැවැත්වුණා. සමස්ත ලංකා පොදු ධීවර සංගමයයි එය සංවිධාන කළේ. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග සාකච්ඡා කළ යුතු බවට උද්ඝෝෂකයින් අවධාරණය කිරීමත් සමග අමාත්‍යවරයා පිටතට පැමිණ ඔවුන් සමග සාකච්ඡා කළා. එහෙත් ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. ඒ සමග නියෝජිතයන් 05 දෙනෙකු අමාත්‍යාංශය තුළට කැදවුවද එම සාකච්ඡාව ද උණුසුම් වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/i0fAM5339fY”]