ලොව පුරා රටවල් 223 කින් හමුවී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස්නව කෝටි අසූ ලක්ෂය ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස්හත් ලක්ෂ හැටඅට දහස් හාරසිය හැටක්.
ගතවූ පැය 24 ට පමණක් ලොව පුරා රටවලින් වාර්තා වූ වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 18 කට අධිකයි. රුසියාවෙන් එක්ලක්ෂ හැත්තෑ එක් දහසක් ද ඇමෙරිකාවෙන් එක්ලක්ෂ පනස්හය දහසක් ද ජර්මනියෙන් එක්ලක්ෂ තිස්අට දහසක් හා තුර්කියෙන් අනූහය දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේ දී රටවල් 223 කින් වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 8,126 ක්. වැඩිම මරණ සංඛ්‍යාව වන 1,269 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්.