අපේ රටේ වනාන්තරවල ඉන්න අලි ඡායාරූපවලට හසු කරගන්න විදේශිකයන් ලොකු කැමැත්තක් දක්වනවා. එවන් වූ ඡායාරූප ගත කිරීමකදී විදේශික යුවලකට මුහුණ දෙන්න වුණ අකරතැබ්බයක් ගැන පොළොන්නරුවෙන් වාර්තා වුණා.
මින්නේරිය පොලිස් වසමේ හබරණ – පොළොන්නරුව ප්රධාන මාර්ගයේ දී ඒ අසලින් ගමන් ගත් වන අලියෙකු ඡායාරූපගත කරමින් සිටි යුක්රේන ජාතික යුවලකට එම වන අලියා විසින් පහර දී තිබෙනවා. ප්රකෝප වූ අලියා විදෙස් යුවල ගමන් ගත් මෝටර් රථය ද පහර දී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. කෙසේ වෙතත් පහරදීමෙන් එම යුවලට කිසිදු හානියක් සිදුව නැහැ.
[ot-video type=”youtube” url=”https://youtu.be/UPX1qWmZLk8″]