ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 139 වැනි පූර්ණ සැසියේ සමාරම්භක උත්සවයේදී චීන ජනාධිපතිවරයා වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා සහ සෙසු සාමාජිකයෝ චීන වසන්ත උත්සව සමයේ බෙයිජිංහි පැවති 139 වැනි පූර්ණ සැසියට උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. චීනය, ඔලිම්පික් ජීවගුණය මනාව ඔප් නංවා තිබේ. එසේම, එය ඔලිම්පික් පරමාදර්ශය තිරසර අයුරින් ක්‍රියාවට නංවන දේශයකි. හෙට (4) බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල සමාරම්භ වන අතර චීනය ඊට සූදානමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය. ලොවට සරල, සුරක්ෂිත මෙන්ම අසිරිමත් ඔලිම්පික් උළෙලක අත්දැකීම් තිළිණ කිරීම චීනයේ අපේක්ෂාවයි.
24 වැනි ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය 4 වනදා රාත්‍රියේ චීන ජාතික ක්‍රීඩංගණයේ දී පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමාරම්භක අවස්ථාවට එක්වෙමින්, ඔලිම්පික් උළෙලේ නිල ඇරඹුම ප්‍රකාශයට පත්කරනු ඇත.