අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවක් මාර්තු 10 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය දින නියම කළා.
අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමේ ආයෝජනය කළ බවටයි නාමල් රාජපක්ෂ මහතා ඇතුලු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ. යහපාලන සමයේ නීතිපතිවරයා මෙම නඩුව ගොණු කර තිබුණා. එය අද කැදවූ අවස්ථාවේ විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා වැඩි දුර විභාගය 10 වනදා කල් තැබුවා.