ගාල්ල බූස්ස ප්රදේශයේදී ත්රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් 4 දෙනෙකු මිය ගියා.
බූස්ස වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදීයි මෙම ත්රී රෝද රථය දුම්රියේ ගැටී තිබෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ ත්රී රෝද රථයෙහි 4 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් එකම පවුලේ මව පියා දුව සහ පුතායි. එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් හතර දෙනාම මියගොස් තිබෙනවා.
මව සහ පියා අසූහැවිරිදි වියේ පසුවූ අතර දියණිය 48 හැවිරිදි වියේ සහ පුත්රයා 46 හැවිරිදි වියේ පසුවුණා. රථයේ රියදුරු ලෙස ගමන් කර ඇත්තේ ඔහුයි. මියගිය සිව් දෙනාගේ සිරුරු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත්කර තිබෙනවා
මෙම අනතුර සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්රියාත්මක කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/a36-933qr80″]