මෙරට අපනයන ආදායම 23%කින් වර්ධනය වී ඇති බව වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද හෙළි කළා. ගෝලීය ආර්ථිකය ම කඩා වැටී ඇති මොහොතක මෙරට අපනයන ආදායම මෙලෙස වර්ධනය කර ගැනීමට හැකි වීම ජයග්‍රහණයක් බවයි අමාත්‍යවරයා පවසන්නේ. 2022 වර්ෂයේ අමෙරිකානු ඩොලර් බිලියන 20 ඉක්මවූ අපනයන ආදායමක් රජයේ ඉලක්කයයි.
2021 වර්ෂයේ මෙරට අපනයන වර්ධනය පිළිබදව අද කොළඹදී මාධ්‍ය දැනුවත් කෙරුණා. 2020 ට සාපේක්ෂව 2021 වර්ෂයේ අපනයන ආදායම සියයට 23 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි මෙහිදි හෙළි කෙරුණේ. 2021 වර්ෂයේ මාස 8 ක් තුළ මාසික අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකළ බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදි හෙළි කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට සූදානම් දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ද අමාත්‍යවරයා මෙහිදි පිළිතුරු ලබා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DpI5pR4jh1M”]