අවශ්‍ය ඉන්දන තොග ලැබී ඇති බැවින් කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
ප්‍රමාණවත් ඉන්දන තොග නොලැබීම මෙන්ම කැළණිතිස්ස සහ නොරොච්චෝලේ බලාගාර අවස්ථා කිහිපයකදී අක්‍රිය වීම හේතුවෙන් විදුලි අර්බුදයක් ඇතිවුණා. එවැනි පසුබිමක් හමුවේයි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විදුලි අර්බුදය පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ පැවැත්වුණේ. එහිදී විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම මෙන්ම විදුලි බල මණ්ඩලය ඛණිජතෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය පියවීම සදහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කෙරුණා. ඒ අනුව අවශ්‍ය පහසුකම් ලබා දී ඇති බැවින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දිය හැකි බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
මේ අතර මහජන උපයෝගීතා කොමිසම ද අද ප්‍රකාශ කළේ ලබන 27 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
[ot-video type=”youtube” url=”[ot-video type=”youtube” url=”https://youtu.be/0y8xzauYyAA”]”]