fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ තරුණ කණ්ඩායම් දෙකක් අතර ගැටුමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2022 14:58

ඉන්දුනීසියාවේ තරුණ කණ්ඩායම් දෙකක් අතර ගැටුමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ අවන්හලකදීයි දෙපාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇත්තේ. එක් පුද්ගලයෙකු පිහි ඇනුමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා. තවත් පුද්ගලයින් 18 දෙනෙකු අවන්හල තුළ සිරකර එයට ගිනිතබා ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව පොලීසිය නිවේදනය කරනවා. තරුණ කණ්ඩායම් අතර ගැටුම් සාමාන්‍ය සිද්ධියක් වුවද මෙතරම් පිරිසක් මියගියේ පළමුවරට බවයි ඉන්දුනීසියා ආරක්ෂක අංශ පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2022 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්