පාකිස්තානයෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ හදුනාගෙන තිබෙනවා.
ගතවූ පැය 24 ට පාකිස්තානයෙන් හමුවූ වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 7,678 ක්. වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද මෙයයි. ආසාදිතයින් වාර්තාවීම සියයට 13 කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බවද එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. එමෙන්ම කරච්චි නගරයෙන් ආසාදිතයින් වාර්තාවීම සියයට 47 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සදහා වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුටම බූස්ටර් එන්නත ලබාදීමටයි පාකිස්තාන රජය තීරණය කර ඇත්තේ. වයස අවුරුදු 12 ට වැඩි සෑම දරුවෙකුම පාසල් පැමිණීමට නම් වයිරසයට එරෙහි එන්නත් ලබාගැනීම අනිවාර්යයි.