කැමරුන් රාජ්‍යයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පතව තිබෙනවා.
ගින්නෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ. රාත්‍රී සමාජ ශාලාව තුළ භාවිත කළ ගිනිකෙළි හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබෙනවා. ගින්න හටගැනීමත් සමඟ එහි සිවිලිම කඩාවැටීමෙන් පිපිරීමක් ද සිදුව ඇති බව පොලීසිය නිවේදනය කරනවා. රාත්‍රී සමාජ ශාලාවේ ගෑස් ගබඩා කාමරයට ද ගින්න පැතිරීමත් සමඟ එය නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි ගිනි නිවන අංශ පවසන්නේ.