සීනි සහ එතනොල් මෙරටට ගෙන්වීම සීමා කිරීමත් සමග මෙරට අවශ්‍යතාව අනුව වැඩි ධාරිතාවක් නිපදවීමට ලංකා සීනි සමාගම කටයුතු කළා. ඒ හේතුවෙන් වාර්තාගත ලාභයක් ඉපැයීමට හැකි වී ඇති බව ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්ර මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහනියේ විකාශය වූ හත්වෙනි පැය වැඩසටහන එක්වෙමින්.
නයිට්රජන් ප්‍රතිශතය සියයට දොලහයි දශම එකක් වූ ජෛව පොහොර නිෂ්පාදනය කිරීම ද ආරම්භ කර ඇති බව ඒ මහතා පවසනවා. රටේ ජාතික පොහොර අවශ්‍යතාවෙන් සියයට 10 ක් එම කර්මාන්තශාලා දෙකෙහි නිෂ්පාදනය කිරීම අපේක්ෂිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/p_cbUgix70A”]