සාම්ප්‍රදායික දැනුමෙන් හා කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කිරීම පිළිබඳ ගොවි මහත්වරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් තල්ගහපොත්ත පවරගිරි විහාරස්ථානයේදී පසුගිය දා පැවැත්වුණා.
තල්ගහපොත්ත, උඩුබද්දාව ගම් ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන්ට මෙහිදී කාබනික පොහොර භාවිතා කරන ආකාරය පිළිබඳ විශේෂ දේශන හා වැඩමුළු පැවැත්වුණා. මෙම වැඩමුළුවේදී අදහස් දැක්වූ මහාචාර්ය සමන් වීරක්කොඩි මහතා මිනිසුන්ගේ බත් පතට වස නොදමා බෝ නොවන රෝග වලින් මුදවා ගන්නට මෙම වගාවේ ඇති වැදගත්කම අවධාරණය කළා.
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය වවුනියාවේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි මෙම වැඩසටහන පැවැත්වුණේ. ගොවි මහත්වරුන්ට සංකේතාත්මකව එළවළු බීජ ලබා දීමක් ද සිදු වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HUOQQpPlVsw”]