fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2022 10:48

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බටහිර ඇෆ්ගනිස්ථානයේ හේරට් නගරයේ මෝටර් රථයක අටවා තිබූ බෝම්බයකුයි මෙලෙස පුපුරාගොස් ඇත්තේ. එම මෝටර් රථය පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගෙන ඇති බවද සඳහන්. පිපිරීමෙන් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  ඔවුන් අතරින් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ. පසුගිය අගෝස්තු මාසයේ දී තලේබාන් සංවිධානය එරට පාලන බලය අල්ලා ගැනීමෙන් පසු රටපුරා විවිධ ස්ථානවල බෝම්බ පිපිරීම් හා වෙඩි ප්‍රහාර සිදුවනවා. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය අභියෝගයට ලක්කිරීම එමගින් සිදුවන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2022 10:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්