30%ක පමණ පිරිසක් කොරෝනාවට එරෙහි තුන්වන එන්නත් මාත්‍රාව ලබාගෙන තිබෙනවා. මේ එන්නත්වල කල් ඉකුත්වීමේ දිනයක් තිබෙන නිසා එම දිනය කල් දැමීමේ හැකියාවක් නැති නිසා කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්න කියලයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.
කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව 16,359,250 දෙනෙකු ලබා ගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබා ගත් පිරිස 13,879,863ක් වනවා. බූස්ටර් එන්නත ලබා ගත් පිරිස 4,861,472ක්. බූස්ටර් එන්නත මෙතෙක් ලබා නොගත් සියලු දෙනා කඩිනමින් ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/yxQaqhcUfbI”]