ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට විදෙස් මුදල් රහසිගත ලෙස රැගෙන යාමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදි අත්අඩංගුවට ගත්තා. රුපියල් මිලියන 42 කට ආසන්න මුදලක් මෙසේ රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයක සිට සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගැණුනා. කාන්තාවන් 3 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු එම පිරිසට ඇතුළත්. ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා මෙම විදේශ මුදල් තොගය ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා. අමෙරිකා ඩොලර් 22300 ක්, යුරෝ 63500 ක්, ස්ටර්ලින් පවුම් 8725 ක්, සෞදි රියාල් දෙලක්ෂ අනූ දෙදහසක්, ඇතුලු විදේශ මුදල් මෙලෙස රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.