මාතලේ නගරය ආශ්රිත මාර්ග රැසක් කාපට් අසුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා.
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීවයි මෙම සංවර්ධනය කාර්යයන් සිදු කෙරෙන්නේ. මීවත්ත කුඹුර පාර , මල්වත්ත පාර, හා බෝගහකොටුව මාර්ගය මෙසේ සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන් මහතාගේ ප්‍රධානත්වයෙන්. කිලෝමීටර් තුනහමාරකට අධික දුරක් මෙලෙස සංවර්ධනය කෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 400 ක්.