එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දකිනවා.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත විශේෂ නිවේදනයක් යොමු කර තිබෙනවා.
සිවිල් වැසියන් කිහිප දෙනෙකුට මරු කැදවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ජනතාවට පහසුකම් ලබාදීමට එරෙහි ප්‍රහාරයක් වනවා. ගෝලීය සාමය සහ ආරක්ෂාවට හානි වන ත්‍රස්ත තර්ජනවලට එරෙහිව ආරක්ෂාවීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව විදේශ අමාත්‍යාංශය යොමු කළ නිවේදනයේ සදහන්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙන්ම විපතට පත් පවුල්වලට ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පල කරන බවයි වැඩිදුරටත් එහි සදහන් කර තිබෙන්නේ.