fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“ඔප්පුව ගෙදරටම” වැඩසටහන දිවයින පුරා සාර්ථකව

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2022 15:51

“ඔප්පුව ගෙදරටම” වැඩසටහන දිවයින පුරා සාර්ථකව

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි තම බිම් කොටසේ අයිතිය නීත්‍යානුකූලවම ඔවුන් වෙත ලබා දීමට  සුවිශේෂී වැඩසටහනක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව දියත් කර තිබෙනවා.

ඒ අනුව ජනතාවට තම බිමෙහි අයිතිය තවදුරටත් සිහිනයක් නොවන්නට එය යථාර්ථයක් කරමින් තම නිවසටම පැමිණ තම අතට ම තමාගේ බිම් කොටසේ අයිතිය තහවුරු කරන ඔප්පුව ලබාදීමේ  ”ගෙදරටම ඔප්පුව” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම ක්‍රියාන්විතය සඳහා ගරු ඉඩම් කැබිනට් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මැතිතුමාගේ සුවිශේෂී නායකත්වය හා මග පෙන්වීම යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මැතිතුමාගේ මෙහෙයවීම මත මේ වන විටත් සමස්ත දිවයින ම ආවරණය කරමින් ක්‍රියාත්මක
වෙමින් පවතී.

අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මේ වන විට දිවයිනෙහි දිස්ත්‍රික්ක රැසකම ඉඩම් අයිතිය පිලිබඳ ගැටළු වලට මුහුණ දුන් දස දහසකට වැඩි ජනතා ප්‍රමාණයකගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ අතටම තම ඉඩමෙහි හිමිකම ප්‍රදානය කොට තිබේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2022 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්