ශ්‍රී ලංකාව හා සම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 296 ක් රැස්කළා. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂොන් විලියම්ස් ශතකයක් වාර්තා කළේ පන්දු 87 කදීයි. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න ලකුණු 69 කට කඩුලු 3 ක් බිඳහෙළුවා.
ලකුණු 297 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 3 කදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 300 ක් රැස්කරමින් තරගයේ ජය හිමිකර ගත්තා. පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 75 බැගින් රැස්කළ අතර චරිත් අසලංක පන්දු 68 කදී ලකුණු 71 ක් රැස් කළා. තරගයේ වීරයා සමාමානය හිමිවූයේ දිනේෂ් චන්දිමාල්ටයි. දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.