ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකෝවිච්ගේ වීසා අවලංගු කිරීමට ඕස්ට්‍රේලියා රජය ගත් තීරණයට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනය එරට අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීම සඳහා මෙල්බර්න් නුවර පැමිණි නොවැක් ජොකෝවිච්ගේ වීසා අවලංගු කිරීමට පසුගියදා එරට රජය පියවර ගත්තා. ඒ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට ලියකියවිලි සම්පූර්ණ නොකිරීම හා කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබානොගැනීම හේතුවෙනුයි. කෙසේ වුවද එම තීරණය බලරහිත කිරීමට පසුගිය 10 වනදින අධිකරණය පියවර ගත්තා. නමුත් ඕස්ට්‍රේලියානු සංක්‍රමණික අමාත්‍යවරයා සිය බලතල උපයෝගීකර ගනිමින් පසුගියදා දෙවන වරටත් ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කළා. ඊට එරෙහිව ද ජොකෝවිච් අභියාචන ඉදිරිපත් කළ අතර එය අද දිනයේ දී විභාගයට ගැණුනා. ඒ අනුව ඉදිරි දින කීපය තුළදී ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටත්වීමට සිදුවනවා. 34 හැවිරිදි ජොකෝවිච් සහභාගිවීමට නියමිතව තිබූ පළමු තරගය හෙටට යෙදී තිබෙනවා.