ජනාධිපතිතුමාගේ සහ අග්රාමාත්යවරයාගේ උපදෙස් මත අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකිරිමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්රියාත්මක කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පවසනවා.
“ඔබට ගෙයක් රටට හෙටක්” රජය ක්රියාත්මක කර ඇති අඩු ආදායම් ලාභීන් සඳහා වන නිවාස අධාර වැඩසටහන යටතේ ඉදිරි මාස 3 තුළ නිවාස සියයක් කොලොන්නාව ආසනය තුළ ඉදිකිරීමට නියමිතයි. ඒ යටතේ ඉදිකළ නිවාස 2 ක් විවෘත කිරීම හා නිවාස 10 ක ඉදිකිරීම් ආරම්භ කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින් සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/9dkFERnZWms”]