ලබන 18 වනදා තෙක් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම විදුලි බිල වැඩිකිරීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නැති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
විදුලිබල මණ්ඩලය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම හේතුවෙන් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිව තිබෙනවා. ජාතික වගකීමක් සේ සලකා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීයවූ යන්ත්‍රය යළි ක්‍රියාකාරී තත්වයට ගෙන ඒමට කටයුතු කෙරෙමින් පවතිනවා. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින වියළි කාලගුණය සහ ජලාශවල ජල මට්ටම පහත බැසීම ද විදුලිය නිෂ්පාදනයට අභියෝගයක්වී ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_m99qLlGvek”]