නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිංචිකරුවෙකුට එවූ මිලියන 26 කට වැඩි වෙළෙඳපොළ වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශය සොයාගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිචි පුද්ගලයෙකු වෙත එවා තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමට මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ රේගු නිලධාරීන් කටයුතු කළා. එහි සූක්ෂම ලෙස සඟවා තිබූ මෙතෆෙටමින් අඩංගු එක්සටයි නමැති මත්පෙති තොගයකුයි මෙලෙස අත්අඩංගුවට ගැණුනේ. ඇද ඇතිරිලි සහ සෙල්ලම්බඩු මෙම පාර්සලයේ ඇති බවටයි රේගුව වෙත ප්‍රකාශකර තිබුණේ. එම පාර්සලේ කාඩ්බෝඩ් බිත්ති තුළ මෙම මත්පෙති සඟවා තිබූ බවයි රේගුව ප්‍රකාශ කළේ. ග්‍රෑම් 1,600 ක බරකින් යුත් මත්පෙති හාරදහසක් පමණ මෙහිදී සොයගත් අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 26 ඉක්මවන බවටයි ගනන් බලා තිබෙන්නේ. මෙම පාර්සලය ලබා ගැනීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු රේගුව මගින් අත්අඩංගුවට ගැණුනා. මත්පෙති මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා. වැඩිදුර විමර්ශන සදහා සැකකරු සහ මත්පෙති තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීටයි කටයුතු කෙරුණේ.