ජපානයේ විශ්වවිද්‍යාලයක් ඉදිරිපිට සිදුවූ පිහි ඇනුමකින් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් තුවාල ලැබුවා.
ජපානයේ ටෝකියෝ නුවර විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයක් සදහා පෙනී සිටීමටට පැමිණ සිටි සිසුන් පිරිසක් මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
පිහි ඇනුමට 17 හැවිරිදි ශිෂ්‍යයෙක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළිව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කර ඇති අතර පුළුල් පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.